Thursday, September 3, 2015

අවුකන බුදු පිළිමය

අවුකන බුදු පිළිමය

අවුකන බුදු පිළිමය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ආශ්‍රයෙන්
සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකා‍‍‍‍‍‍වේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක.
දිවයිනේ බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ වැවත් දාගැබත් වෙනුවට වැවත් බුදු පිළිමයත් ය. දාගැබ හෝ බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් වැව ‍ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. මෙම අවුකන බුදු පිළිමයත් එහි පිළිම ගෙයත් ක්‍රි.ව අටවන සියවසයට අයත්ය

රූප භේදය හෙවත් ප්‍රතිමා ලක්‍ෂණ

අවුකන බුදු පිළිමය

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒ.පී. අශෝක මහතා සමඟ ට්‍රින්ගෝ මෙට්‍රික් ක්‍රමයට ගන්නා ලද මිනුම් ප්‍රමාණ අනුව පද්මාසනයේ සිට සිරස්පත දක්වා අවුකන බුදු පිළිමයේ උස මිටර් 11.36කි. පද්මාසනය මත වු හිටි බුදු පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. මේ ක්‍රමයට ශරිරයෙ බර දෙපා වලට සම සමව බෙදී යන සේ ශරිරය කෙලින් තබාගෙන සිටින බව සැලකිය යුතුය. ඔසවන ලද දකුණු අතේ අභය මුද්‍රාව වෙයි. වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්තය. ඇඳුම තනිපට සිවුර, අඳනය හා පටිය යන තුනකින් යුක්තයි. ඇස්වට හන්දියේ සිට අඟල් හතරක් පමණ ඉහළින් අවසන් වන ලෙස අඳනය ඇඳ ඇත. සිවුර පොරවා ඇත්තේ අඳනයේ නුවාව පෙනෙන ලෙස අඳනයේ යට සිමාවට අඟල් හතරක් පමණ උඩින්ය. පටිය නොපෙනෙයි. සිවුර ඒකාංශපාරූපන ක්‍රමයට පොරවා තිබේ. මේ ක්‍රමයට සිවුර පොරවන විට දකුණු උරය විවෘතය. වම් උරය සිවුරට වැසි තිබේ. පෙරවිමේ ක්‍රමයද මෙහිදි සැලකිල්ලට ගත යුතුව ති‍බේ. සාමාන්‍යයෙන් පිටුපසින් වම් උරය මතට වැටෙන සිවුරු පොට දෙවනුවද අනුරාධපුරය අඟ භාගය පමණ දක්වා පැවති ක්‍රමයයි. මේ ක්‍රමයට සිවුර පොරවන විට වම් අතේ මැණික් කටුව දක්වා සිවුරු පොටවල් දෙක පැතිරි ඇත.ඒ නිසා වම් අත පහළ හෙළිය නොහැක.වම් අත පහළට තිබුණොත් සිවුරු පොට බිම තැවරෙයි. එය සංවරයට බාධාවකි.ඒ නිසා වම් අත ඔසවා තබා ගැනිමට සිදුවෙයි. සිවුරේ ඇත්තේ තනි රැල්ලකි. එය අනුරාධපුර යුගයේ බුදු පිළිමවල විශේෂ ලක්ෂණයකි.අවුකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්තය.පිටි පතුල් දෙක, පිටි අතුල් දෙක, උරහිස් දෙක හා කඳ පිරී තිබේ. එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සත්තුස්සද ලක්ෂණයයි‍. හිසේ දක්ෂිණාවර්ත කෙස් පිඬු වෙයි. හිසේ මුදුනේ අර්ධ ගෝලාකාර සංකේතයක් හා එය මත සිරස්පතක් වෙයි. අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදු රැස්ය. එය හැඳින්විමට අනුරාධපුර යුගයේදි භාවිත කළ වචනය රංසිපුඤ්ජ යන්නයි. රංසිපුඤ්ජ යන්න පාළි භාෂාවට අයත් වචනයකි. එහි තේරුම වන රැස්ගොඩ යන්නට සමාන සිංහල වචනයක්ද එකල තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.

ප්‍රතිමා ප්‍රමාණ

අවුකන පිළිමය
අවුකන පිළිමය සඳහා යොදාගෙන ඇත්තේ නව තාල ක්‍රමයයි. මුහුණ මෙන් නව ගුණයක් යටි පතුල් වල සිට නලළේ මැද ඉහළ කෙස් පිඬුව දක්වා උස වෙයි. ඉත්ම නිවැරදිව මෙය අවුකන පිළිම‍යේ වෙයි. ඒ අනුව පිළිමයේ සමානුපාතික සිරස් මිනුම් පහත දැක්වේ.
පිළිමයේ පරිසමාප්ත උස මීටර් 11.36 කි. එය මීටර් ගණන අනුපාත ක්‍රමයට මිනුම් ක්‍රමයට පරිවර්තනය කිරිමෙන් එහි උස අඟල් 108ක් හෙවත් තාල නවයක් බව මේ සැසඳිමෙන් අනාවරණය වෙයි. මෙය නව තාල ක්‍රමයට තනන ලද පිළිමයකි. අනුරාධපුරය හා පොළොන්නරුව යන යුග දෙකේදිම බුදු පිළිම නව තාල ක්‍රමයට තනා තිබේ.
මුහුණතාල 1=අඟල් 12
බෙල්ලතාල 1/3=අඟල් 4
පබල්ල- පපුවතාල 1=අඟල් 12
පපුව-නාභියතාල 1=අඟල් 12
නාභිය-ලිංග මූලයතාල 1=අඟල් 12
නලවාතාල 2=අඟල් 24
දණතාල 1/3=අඟල් 4
කෙණ්ඩතාල 2=අඟල් 24
විලුඹතාල 1/3=අඟල් 4
එකතුවතාල 9=අඟල් 108

අවුකන පිළිමය කවර බෞද්ධ නිකායට අයත්ද?

අවුකන බුදු පිළිමයේ රූපභේද ලක්ෂණ අතර හිස මුදුනේ අර්ධගෝලාකාර රංසිපුඤ්ජය අභයගිරි හෙවත් ධම්මරුඩි නිකායට අයත් බුදු පිළිම සම්ප්‍රදායේ ලක්ෂණයකි. අභයගිරි සම්ප්‍රදායට අයත් හිටි බුදු පිළිමවල අභය මුද්‍රාවද මහාවිහාර කලා සම්ප්‍රදායට අයත් බුදු පිළමවල අභය මුද්‍රාවද වෙනස්ය. අවුකන බුදු පිළිමයේ අභය මුද්‍රාව දැක්වෙන දකුණුඅතේ ඇඟිලි කෙලින් තබාගෙන ත්බේ. අල්ල පිළිමයේ වම්පසට හරවා තිබේ. මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයකි. මේ අනුව අවුකන බුදු පිළිමය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලෙස සැලකිය හැකිය.
නිර්මාණයක් වශයෙන් අවුකන පිළිමය ශ්‍රි ලංකිවේ විශාලතම හිටි පිළිම අතරින් විශිෂ්ට තැනක් හිමිකරගෙන තිබේ. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි මෙම පිළිමයෙන් බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිබු වෙයි. එහිදි පද්මාසනය විශේෂයෙන් වැදගත් වන අතර බ්‍රහ්මයා ඇතුළු දෙවිවරුන්ගේ රූප පද්මාසනය තුළ වු ගර්හපාත්‍රයෙහි තැන්පත්කර ඊට ඉහළින් බුදුරුව දැක්වීමෙන් බුදුන්වහන්සේගේ දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්මට හෙවත් දෙවි බඹුන් ඉක්මවා සිටින බව ප්‍රකාශ වෙයි. කෙලෙසුන්ගෙන් මිදුණු නිසාත් ශාරීරික දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති නිසාත් බුදුන්වහන්සේ මෙහි මහා පුරුෂයකු වශයෙන්ද පෙනි සිටී.
අවුකන බුදු පිළිමය බුදුන් වහන්සේගේ දස බලදාරි ගුණය නිරූපනය කරයි.

Tuesday, September 1, 2015

රම්බා රජමහා විහාරය

රම්බා රජමහා විහාරය අම්බලන්තොට 

රුහුණේ Ramba රජමහා විහාරය මෙම කාර්මික විද්යාලය, නෝනාගම-රත්නපුර පාරේ උඩරට ගම්මානයේ, වලවේ ගඟ ඉවුරේ පිහිටා ඇත. එය, අම්බලන්තොට පමණ 12.8 කි.
මහා Nagakula 11 වැනි සියවස පැරණි ශ්රී ලංකාවේ අගනුවර විය. මෙම Ramba විහාරය කෞතුක භාණ්ඩ විශාල ප්රමාණයක් කැණීම්වලින් හමුවී කර ඇති මහා Nagakula නගරයේ විහාරස්ථානය වී තිබේ. මෙම Ramba විහාරය දවසේ රාජකීය අරලියගහ විය.
Ramba රජමහා විහාරය ද ඔහු වසර 15 ක් තිස්සේ චෝලයන් එරෙහිව ඔහුගේ යුද සැලසුම් අතර, වසර 1055 දී එහි පැමිණි මහා විජයබාහු රජතුමා මම සඳහා සඟවන්න-ඉවත් විය.
ශ්රී ලංකා අවුරුදු 53 ක කාලයක් සඳහා චෝල පාලනය යටතේ ය.
විජයබාහු චෝලයන් එරෙහි සන්ධානයක් පිහිටුවීමට, එවැනි බුරුමය, කාලිංග හා පාණ්ඩ්ය රටවල් ලෙස ප්රති-ශ්රී ලංකා රාමඤ්ඤ Desas අතර කැන්වසින් කර ඇත. ඔහු පොළොන්නරුව වටා තුන් ප්රහාර බලපෑම චෝලයන් පරාජය කිරීමට සමත් විය. කුමරු පරාක්රමබාහු සම්ප්රදාය දිගටම කරගෙන ඔහුගේ පුත් වික්රමබාහු එහි සිට පාලනය කළේය. මෙම හේතු ප්රදේශය තුලට තම පර්යේෂණ සිදු කිරීමට ඉතිහාසඥයන් හා පුරාවිද්යාඥයන් ඔබෙන් විමසනු ඇත. ඔවුන් ඝන කැලෑ ඉඩම් අක්කර 200 ක ක භූමි ප්රදේශයේ විසිරී ස්මාරක ඉතා විශාල ප්රමාණයක් හමුවී ඇත.

දඹුල්ල රජමහා විහාරය

දඹුල්ල රජමහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරෙන් නිර්මාණය වූ ලිපියකි.
දඹුල්ල රජමහා විහාරය*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයට අයත්  ලෙන් පිලිමගෙයක විහාරයේ බුදු පිළිම වහන්සේ නමක්
රටශ්‍රී ලංකාව
වර්ගයසංස්කෘතික
නිර්ණායකi, vi
යොමුව561
කලාපයආසියා-ශාන්තිකර
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය1991  (15වන Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
† යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයේ ගල් ලෙනක නිර්මිත පුරාණ පිලිමගෙය පිටතින් පෙනෙන අයුරු
දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.
දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.

යාපහුව බලකොටුව

යාපහුව බලකොටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය පාදක කරගනිමින් ඉදිරිපත් කරන්නකි.
යාපා02.jpg
ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.